පැවරුම කරගෙන නාවට පංතිභාර ගුරුවරිය දෙක වසරේ සිසුවාට කොස්සෙන් පහරදුන් කව්රුත් නොසිතන අමානුශික දඩුවම..

Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Aug 11, 2023 12:13 PM GMT
Report

පන්තියේදී පැවරූ වැඩ නිවසේදී කරගෙන නොපැමිණි බව කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත ප්‍රදේශයේ විදුහලක දෙවැනි වසරේ සිසුවකුට කොහු මිටකින් අමානුෂික ලෙස පහර දුන් බව කියන ගුරුවරියක පිලිබවදව වාර්තා වී තිබෙනවා

ඇය අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.  

පහර කෑමට ලක් වූ සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවාගේ පිට ප්‍රදේශයේ තැළීම් සලකුණු රැසක් පෙනෙන්නට ඇතැයි පොලීසිය පවසනවා.



ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් පාසලට ඊයේ (10) ගොස් ඇතත් ඇය සේවය සඳහා නොපැමිණ තිබුණා.  

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවාගෙන් ද ලබාගත් ප්‍රකාශ මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය පවසන අතර මෙසේ සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයනුයේ මෙම සිසුවාගේ පන්තිභාර ගුරුවරිය බවද පොලිසිය පවසයි.