ලොවම පුදුම කරමින්, පිරිසකගේ වයස අඩු කෙරේ - නවතම නීතියක්

South Korea
By Sewvandhi Dec 10, 2022 11:09 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ලොවම පුදුම කරමින් දකුණු කොරියානුවන්ගේ වයස සම්බන්ධ නව නීතියක් නව වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා .එනම් එම නීතියට අනුව ඔවුන්ගේ පවතින වයස වසර දෙකකින් පමණ අඩු වන බවයි වාර්තා වන්නේ.

දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරයි. ඒ,

  • ජාත්‍යන්තර වයස,
  • කොරියානු වයස සහ
  • දින දර්ශක වයසයි.

මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බව සඳහන් ය.

ඒ අනුව එළඹෙන ජූනි මාසයේ සිට බලාත්මක වනපරිදි සෑම අවස්ථාවකදීම අනෙක් රටවල මෙන් ජාත්‍යාන්තර වයස පමණක් භාවිත කිරීමට එරට රජය තීරණය කර තිබේ. කොරියාවේදී වයස ගණනය කරන්නේ ඉපදුණු දිනය ද අවුරුද්දක් ලෙස සලකමිනි.ඒ අනුව ජාත්‍යන්තර වයස අවුරුද්දක් වන දරුවෙකුගේ කොරියානු වයස අවුරුදු දෙකක් ලෙස සැලකෙයි.

දින දර්ශක වයස ගණනය කිරීම ජාත්‍යන්තර වයස සහ කොරියානු වයස ගණනය කරන ආකාරයේ එකතුවක් ලෙස ගත හැකිය. ඒ අනුව දින දර්ශක වයස ඉපදුණු දිනය බිංදුව ලෙස ගෙන සෑම ජනවාරි පළමු වනදා දිනකම අවුරුද්දක් වයසට එක් වෙයි.මෙම ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකුගේ කොරියානු වයස අවුරුදු 21ක් වන අතර දින දර්ශක වයස අවුරුදු 22 ක් වෙයි.

මෙලෙස ක්‍රමවේද තුනක් අනුව දකුණු කොරියානු වැසියන්ගේ වයස ගණනය කිරීම සිදුවීමත් සමග එමගින් ව්‍යාකූල අවස්ථා ඇති විය හැකි බැවින් එළඹෙන වසරේ ජූනි මාසයේ සිට වයස ගණනය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිත කළ යුතු බවට නව නීතියකට එරට රජය එළඹ තිබේ. වසර කිහිපයක වාද විවාද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now