කොරියාවේ රැකියා සදහා යන ලංකාවේ අය මාසෙකට 5 පස් දෙනෙක් වත් දිවි නසා ගනි? තවත් මරණ රැසක්..

North Korea Job Opportunity
By Sithumini Aug 08, 2024 02:43 PM GMT
Report

වෙනත් රටවල රැකියාවලට යන්න ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් පෙළඹෙනවා. ඒ තමන්ගේ ජීවිතේ ජයගන්න හිතාගෙන.

නමුත් එලෙස ජීවිතේ ජයගන්න හිතාගෙන යන බොහෝ පිරිස් අතරින් මසකට සිව් දෙනෙක් පමණ දිවි නසාගන්න බවට තොරතුරු වාර්තා වනවා. මේකට නිශ්චිත හේතුවක් නැතත් තමන්ගේ රැකියාවට පමණක් අවදානයක් දීමෙන් තොරව ඇතැම් විට ප්‍රේම සම්බන්දතා සම්බන්ධ ගැටලු ආදිය මේකට හේතුවෙන බව තමයි වාර්තා වෙන්නේ.

කොරියාව කියන්නේ ලංකාවේ තරුණයෙකුට මසකට ලක්ෂ 10ක පමණ වැටුපක් ලබාගෙන ඉතාම හොද මුදලක් මෙරටට එවීමට හැකියාව තිබෙන රටක්.

අදාල රැකියාවට පමණක් අවදානග යොමු කරගෙන ඉතා හොද ආදායමක් රැගෙන මෙරටට පැමීණීමට හැකිනම් ඉහත ගැටලු ඇතිවීමට ඉඩක් නැහැ.

එමෙන්ම ඇතැම්විට රැකියාවල පවත්නා විවිධ අපහසුතා හේතුවෙන්ද මෙලෙස මරණයට පත්වන බවද වාර්තා වනවා.

එමෙන්ම මෙරට ඇතැම් අය එරට තුළ විවිධ  මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් ස්ත්‍රී දූෂණ මත දිවි නසා ගන්නා තත්වයන්ද වාර්තා වනවා.

විශේෂයෙන්ම විදෙස් රටක රැකියා සදහා යනවානම්  ඔබේ අරමුණ පමණක් ඉටු කරගනිමින් ඉතා ප්‍රවේසමෙන් කටයුතු කිරීම  වැදගත් වෙනවා.