භාෂාව නොදැන වුවත් කොරියන් යන්න පුලුවන් අනගි අවස්ථාවක් - මාසික වැටුපත් රුපියල් ලක්ෂ 8 ½ට වැඩී..
වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියානු රජයේ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැති වුවද ඒ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව තිබෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද(13) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
NVQ සහතික කිසිවක් මේ සඳහා අවශ්‍ය නොවන බව අමත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.
වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් යම් පුද්ගලයෙක් මේ සඳහා උනන්දුවක් දක්වයි නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය යටතේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
අදාළ පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසීය.