යුධ හමුදා ලුතිනන්ගේ අධි ධාරිතා යතුරු පැදියේ ගැටී දෙදරු පියා මරුට..සිදු වූ බිහිසුණු අනතුර..

accident Colombo Horana Maduru oya camp koralaima
By Sewvandhi Feb 12, 2022 10:20 AM GMT
Report

 හොරණ - කොළඹ මාර්ගයේ කොරලඉම ප්‍රදේශයේදී අද(12) අළුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබුණි. ත්‍රි රෝද රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවි ඇති අතර මිය ගොස් ඇත්තේ ත්‍රි රෝද රථය පැදවු හොරණ ගෝපාල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහුගේ නිවසේ පැවත්විමට නියමිතව තිබු කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් සදහා කිරිඅම්මා කෙනෙකු කැදවාගෙන ඒමට යාමේදි මෙම අනතුව සිදුවි ඇත .

ත්‍රි රෝද රථය හා යතුරු පැදිය එකිනෙක ගැටීමෙදි ත්‍රි රෝද රථය මාර්ගයෙන් ඉවතට පෙරලි ගෙස් ඇති අතර ත්‍රි රෝද රථයේ පුද්ගලයා විසිවි ගොස් ඔහුගේ හිස මාර්ගයේ වැදී බරලතල තුවාල සිදුවි තිබේ. යතුරු පැදිය පදවා ඇත්තේ මාදුරු ඔය යුධ හමුදා විශේෂ පුහුණු පාසලේ ලුනිනන්වරයෙතු බවයි සදහන් වන්නේ.

පොලිසිය පවසන්නේ අදාල යතුරුපැදිය මෙරට ධාවනය කිරිම සදහා අවසර තිබේදැයි සොයා බලන බවයි. අදාල යතුරු පැදිය අධි ධාරිතාවක් සහිත යතුරු පැදියක් බවට පෙනීයන බවද පොලිසිය පවසයි.

අනතුර සිදුවු අවස්ථාවේ තවත් යතුරුපැදි 4කිත් පැමිණි පිරිසක් විසින් ලුනිනන්වරයා රැගෙන යාමට උත්සහ කර ඇති බවද පසුව ප්‍රදේශවාසින් විසින් යතුරුපැදියේ යතුර ගලවා ගැනීමත් සමග ඒය වැලකී තිබුණි.

සැකකාර යතුරුපැදිකරුද අනතුරින් තුවාල ලබා හොරණ රෝහලය ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගන්නා බවද පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now