ප්‍රධාන සමාජ මාධ්‍යයක් අභිබවමින් ඉදිරියට එන පණිවිඩ හුවමාරු මාධ්‍ය "කූ" - කවුරුත් කතා කරන App එක මෙන්න..

India Social media twitter koo messenger
By Sewvandhi Feb 04, 2022 09:14 AM GMT
Report

ඉන්දියානුවෙකු වන මයන්ක් බිඩවට්කා විසින් ආරම්භ කරන ලද කෙටි පණිවුඩ සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලක සංඛ්‍යාව මේ වසරේ දී මිලියන විසි පහ ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ට්විටර් සමාජ මාධ්‍යයට අභියෝගයක් ලෙසින් නිර්මාණය කළ “කූ” මේ වනවිට ඉංග්‍රීසි ඇතුලු භාෂා 10 කින් බාගත කළ හැකි අතර, මේ වසර තුළ ඉන්දියාවේ නිල භාෂා 22 න්ම ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය එළිදුටුවේ ඉන්දීය රජය සහ ට්විටර් සමාජ මාධ්‍යයේ හිමිකරුවන් අතර අර්බුදයක් පැන නැගී තිබියදියි. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන්නේ යැයි පවසමින් ට්විටර්, ඉන්දීය රජයේ නව ඩිජිටල් රෙගුලාසි පිළිපැදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එහිදී පාලක භාරතීය ජනතා පක්ෂයේ අමාත්‍යවරුන් රැසක් “කූ” වෙත යොමු වූ අතර, අගමැති මෝදි පමණක් තවදුරටත් ට්විටර් සමඟ රැඳී සිටියා. “කූ” නැගෙනහිර ආසියාව කේන්ද්‍ර කොටගෙන ලොව පුරා ප්‍රවර්ධනය කිරීම එහි ඉන්දීය නිර්මාපකයන්ගේ අරමුණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now