' කොණ්ඩ සුදූ ' නොසිතූ දෙයක් සමග අල්ලයි..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Latest Headlines
By Sewvandhi Mar 17, 2024 10:49 AM GMT
Report

පොලීසිය විසින්, කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 805 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.

අනාවරණය වී ඇත්තේ,එහි වටිනාකම ලක්ෂ 5කට ආසන්න බවටයි. මෙහිදී සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක් සහ කඩු දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීය.

සැකකාර කොණ්ඩ සුදූ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කුලී වැඩවල නිරතවෙමින් මෙලෙස මත්ද්‍රවය ජාවාරම සිදුකර ඇති බවටයි, වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

37 හැවිරිදි වියේ පසුවන බොරැල්ල ටී 20 ප්‍රදේශයේ පදිංචි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.