මහ පාරේදී කාන්තාවකට අමානුෂික ලෙස පහරදුන්, කාන්තාවන් දෙදෙනෙකුට සිදුවූ දේ..
මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කොල්ලුපිටියේ දී සිදු වූ අනතුරින් පසු එම මෝටර් රථයේ පිටුපස ගමන් කළ කාන්තාවකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගිය අතර මෝටර් රථය පැදවූ රියැදුරු පලා ගොස් ඇත.එම අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන් කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනකු විසින් පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.
අදාළ පහරකෑමට ලක්වු කාන්තාවගේ ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව පහරදීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් වැල්ලවත්ත සහ එල්ලක්කල ප්‍රදේශවල පදිංචි සනීපාරක්ෂක සේවා සපයන පුද්ගලික ආයතනයක සේවිකාවන් දෙදෙනෙකු බව පොලීසිය පවසයි.
ඔවුන් දෙදෙනා හෙට දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. අදාළ රිය අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා ද කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |