"..නොකිව්වේ කට්ටිය කලබල වෙන නිසා.." කවුරුත් ආදරේ කරන අතිශය ජනප්‍රිය රංගනශිල්පී කෝකිල පවන් පවුලත් සමඟම විදෙස්ගත වෙයි..?(PHOTOS)

Sri Lanka
By Sewvandhi Nov 04, 2022 02:25 PM GMT
Report

රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි සිත්තමේ බාබු ඔබට මතකද? එසේත් නැත්නම් සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ "සිරි රජ සිරි" ‍රජවුණු හිච්චි කොල්ලා මතකද?

ඔව්... ඔබ ඔහුව හොඳින්ම දන්නව අප දන්නවා.. ඔහු නමින් කෝකිල පවන්. කෝකිලට ආදරේ කරන ප්‍රේක්ෂක ඔබ මේ පුවතට නම් ටිකක් කලබල වෙයි..

කෝකිල පවන් මේ වනවිට ජනප්‍රිය රංගන ශිල්පියෙක්, ගායකයෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

කෝකිල පවන් හදිස්සියේම තමන්ගේ බිරිඳත් සමඟ වෙනත් රටකට පදිංචියට යන පුවතක් ආරංචි වුණා. එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ,

"ඇත්තටම යන රට මොකද්ද කියලා දැන්ම නොකියා ඉන්නම්. එහෙම විදේශගත වෙන සූදානමක් තියෙනවා. මගේ බිරිඳගේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට තමයි විදේශගත වෙන්නේ. අවුරුදු කීපයකටයි අපි විදෙස්ගත වෙන්නේ. මේ ගැන දැන්ම වැඪිදුර තොරතුරු නොකියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ අය වගේම අනෙක් අයත් මේක අහලා කලබල වෙන නිසයි.

කොහොම වුණත් විදෙස්ගත වුණා කියලා කලා වැඩ කටයුතුවලින් මම ඉවත් වෙන්නේ නැහැ. දැනට කරගෙන යන රංගන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විදේශගත වුනාට කීප දවසකට හරි ලංකාවට ඇවිත් රූගත කිරීම්වලට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery