බස්නාහිර හිටපු විපක්ෂනායක කොවිඩ් මාරයා විසින් බිළිගනියි.
Covid
Political
Western province
Kithsiri abenayake
By Aruna
බස්නාහිර පලාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවී තිබෙනවා.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ,කොරෝනා ආසාදිතව ඔහු දින 20ක පමණ කාලයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි.
කිත්සිරි කහටපිටිය මහතා මියයනවිට 60 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වූවා.
කිත්සිරි කහටපිටිය මහතා පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරී ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස කටයුතු කළ අයෙක් වනවා.
මෙලෙස කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වූ කිත්සිරි කහටපිටිය මහතාට සාතිශ්‍ය සංවේගය ප්‍රකාශ කරන්නෙමු.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |