කැනඩාවේදී ලාංකිකයින් 06ක් සාහසික ලෙස මරා දැමූ ඝාතකයා 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙක්..තොරතුරු රැසක් එළියට.

Sri Lanka Canada Death Murder
By Aruna Mar 08, 2024 02:43 AM GMT
Report

නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 06 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු රාශියක් මේ වන විට හෙළිවී තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස ඝාතනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවේ ඔටාවාහි පදිංචියට ගිය පවුලක් බවයි වාර්තා වන්නේ.

මෙම අපරාධයට සම්බන්ධව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තාකර සිටියේ මෙම අපරාධය වෙඩිතැබීමක් බවයි.

කෙසේනමුදු නවතම තොරතුරු මත අනාවරණය වී ඇත්තේ දරුණු ආයුධයකින් මෙම අපරාධය සිදුකර ඇති බවයි.

35 හැවිරිදි දර්ශනී නම් මවත්, හත් හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි දියණිය අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි දියණිය රින්යානා වික්‍රමසිංහ සහ මාස දෙකක දියණිය කෙලී වික්‍රමසිංහ මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

එරට පොලීසිය පැවසුවේ, දරුවන්ගේ පියා තුවාල ලබා මේ වන විට රෝහල්ගතව සිටින බවයි. එමෙන් ම 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති තවත් පුද්ගලයෙක් ද මෙම සිදුවීමෙන් සාහසික ඝාතනයට ලක්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා ශිෂ්‍යයෙකු බවත්, "ඔහුගේ අවසන් වාර වාරය 2023 ශීත ඍතුවෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි වැඩිදුර තොරතුරු අනුව වාර්තා වෙන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ, ඔහු ඊයේ සවස් වරුවේ අධිකරණයට පෙනී සිටි අතර අසුන් ගැනීමට පෙර ඔහුගේ නම සහ උපන් දිනය සඳහන් කරමින් ද මඳ වශයෙන් කතාකළ බවයි.