කිඩ්නි ෆේලියර් තියෙන සුරතලුන් හඳුනා ගන්නේ කොහොමද?

Kidney Disease
By Wayomi May 31, 2022 11:57 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කිඩ්නි ෆේලියර් (Kidney failure) හෙවත් වකුගඩු අකර්මණ්‍ය වීම, මිනිසුන් අතර බොහෝ දුරට දකින්න ලැබෙන රෝගයක්. හැබැයි ඔබ දන්නවද කිඩ්නි ෆේලියර් තත්වයන් සුරතල් සතුන්ටත් ඇති වෙන්න පුළුවන් කියලා. කාලයක් තිස්සේ පවතින දත් අමාරුවක් ඊට හේතු වෙන්න පුළුවන්. ඔවුන්ට දත් අමාරුව තියෙනකොට දත් වල බැක්ටීරියා රුධිරයට එකතු වී හාට් එක, ලීවර් එක සහ කිඩ්නි අඩපණ කරනවා.

කිඩ්නි ෆේලියර් තියෙද්දී,

🐕 වතුර බොන ප්‍රමාණය සහ මුත්‍රා කරන ප්‍රමාණය වෙනස් වෙනවා.

🐕 මානසික ආතතියෙන් පෙලෙනවා.

🐕 කෑම රුචිය අඩු වෙනවා.

🐕 සතාගේ හුස්මෙන් වෙනස් ගන්දයක් එනවා.

🐕 වමනේ දානවා.

🐕 බර අඩු වෙනවා.

🐕 මුත්‍රා සමඟ ලේ පිටවෙනවා.

🐕 මුඛයේ තුවාල ඇති වෙනවා.

🐕 දත්වල සුදු මැලියම් ගතිය වැඩි වෙනවා.

🐕 කිඩ්නි ට්‍රබල් තියෙන බල්ලන් අසාමාන්‍යලෙස මහත් වෙනවා. 


* සුරතලා ගැන නිතර ඇහැ ගහගෙන ඉන්න. එය විෂ කෑම කනවද කියලා. ඇන්තූරියම් ඇතුළු විවිධ විෂ ජාති තියෙනවා කිඩ්නි ෆේලියර් වලට බලපාන.

* ඒ වගේම කැල්සියම් අධි මාත්‍රා ලබාදීමත් හොඳ නැහැ.

* සුරතලාගේ , බල්ලාගේ මුඛ සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න.

* එමෙන්ම ගැස්ට්‍රයිටීස් තියෙනවා නම් ඒකට බෙහෙත් ලබාදෙන්න වග බලාගන්න. 


කිඩ්නි ෆේලියර් තියෙන බලු සුරත්ලුන්ට සුදුසු කෑම

🦴 dog food brands වලින් කිඩ්නි ඩිසීසස් තියෙන බල්ලන්ට වේනම් foods හදලා තියෙනවා. පශු වෛද්‍යවරයාගෙන් අහලා ඒවා ලබාදෙන්න.

🦴 ඒවා අනිවාර්යයෙන්ම ඒවා උසස් තත්වයේ වගේම ප්‍රෝටීන් අන්තර්ගතය අඩු වෙන්න ඕන.

🦴 මොකද කිඩ්නි වල කාර්ය භාර්ය තමයි තමයි ශරීරයේ විෂ ඉවත් කිරීම. ඒ නිසා ශරිරයට ගන්න ප්‍රෝටීන් කැබලි වලට බිදී ජීරණය වෙන්න පටන්ගත්තට පස්සේ ඒකේ ඉතිරි වෙන්න බැහැ.

🦴 ඒ වගේම අඩු පොස්පරස් ලෙවල් එක ගැනත් හිතන්න ඕන. පොස්පරස් කියන්නේ අත්‍යවශ්‍ය ඛනිජයක් වුණත් වැඩිපුර පොස්පරස් වලින් hyperphosphatemia එන්න පුළුවන්. ඒ නිසා සුරතලාගේ රුධිරයේ අසාමාන්‍ය විදියට පොස්පරස් වැඩි වීමක් වෙනවා. මේ ගැනත් සැලකිලිමත් වෙන්න.

🦴 කිඩ්නි ප්‍රශ්න තියෙන බල්ලන්ට තෙතමනය තියෙන කෑම සුදුසුයි. මොකද කිඩ්නිවල පැවැත්මට වතුර අත්‍යවශ්‍යයි.

🦴 සෝඩියම්(ලුනු) , ලූණු,සුදු ලූණු වර්ග ශා සීනි අඩංගු ආහාර ඔවුන්ට අගුණයි.

🦴 චිකන් සුළු වශයෙන් ලබාදිය හැකියි.

🦴 ඒ වගේම කැරට්, කොළපාට බීජ වර්ග ගොඩාක් හොඳයි.

🦴 මිදි, වියලි මිදි, විෂයි.