පිරිසක් විසින් කතක් පාලු නිවසක තබාගෙන දුවට කෝල් කරල කරපු දේ..

Police spokesman Sri Lanka
By Aruna Jun 15, 2022 03:14 AM GMT
Report

වව්නියවාව පූවර්සනකුලම් පොලිස් වසමේ වාරිකුට්ටූර් ප්‍රදේශයේ කාන්තාවක් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 05ක කප්පම් මුදලක් ඉල්ලූ සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුලු සිව් දෙනෙකු 13 දින අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පැවසීය.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පසුගිය 11 වැනිදා සැකකරුවන් විසින් කාන්තාව ත්‍රීෙරා්ද රථයකින් පැහැරගෙන ගොස් වවුනියාව ආච්චිපුරම් ප්‍රදේශයේ පාළු නිවසක සිරකරගෙ සිට ඇත.

පසුව පැහරගත් පිරිස් විසින් අදාල කාන්තාවගේ දියණියට දුරකථන ඇමතුම් ලබාදී පවසා ඇත්තේ තමන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බවත් විමර්ශනයක් සඳහා මව අත්අඩංගුවටගෙන ඇති බවටත් මව බේරාගැනීමටනම් මුදලින් ලක්ෂ පහක් ගෙවා මව ගෙදර ගෙනියන ලෙසත් මුදල් නොදෙන්නේනම් අම්මාගේ මිනිය නිවසට එවන බවත් පවසා ඇත.

පැහැරගත් කාන්තාවගේ දියණිය දුරකථන ඇමතුම ලැබු සැණින් පූවරසන්කුලම පොලිසිය සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිස් උපාය ධූතයින් යොදවා සැකකරුවන් හට මුදල් ලබාදෙන මුවාවෙන් මෙම වැටලීම සිදුකළ බවත් එහිදී පාලු නිවසක රඳවා සිටි කාන්තාව නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවූ බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර දැනට සේවයේ නිරත සිවිල් ආරක්ෂක භටයෙකුද සිටින අතර පැහැරගැනීමට ලක් වූ කාන්තාව විදේශරටවල්වල සේවය සඳහා පිරිස් යවන කාන්තාවක් බවත් ඇය සැකකරුවන් සමඟ තිබූ මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවටද විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව , කිලිනොච්චිය , මුලතිව් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 49 අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම කාන්තාව පැහැරගැනීම සඳහා යොදාගත් ත්‍රීරෝද රථ දෙකක් එම ස්ථානයෙන් පලාගොස් තිබූ අතර එම ත්‍රීරෝද රථ සහ එහි රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now