කුණු කුකුළු මස් අලෙවි කිරීම සම්බන්ධව KFC ආයතනය ප්‍රතිචාර දක්වයි(VIDEO).
KFC Sri Lanka ආයතනයේ කළමනාකාරීත්වය එහි එක් අලෙවිසැලකට සම්බන්ධ මෑත කාලීන සිදුවීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවට සහතික වී තිබෙනවා.
'එකක් මිල දී ගන්න, එකක් නොමිලේ' පිරිනැමීම යටතේ කුණු කුකුළු මස් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු විසින් පැමිණිල්ලක් ගොනු කිරීමත් සමඟ KFC හි රාජගිරිය අලෙවිසැල සමාජ මාධ්‍ය හරහා දැඩි විවේචනයට ලක් වුණා.
මෙම අලෙවිසැල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් විසින් නරක් වූ ආහාර අලෙවි කරන බවට තහවුරු කර ගත් අතර, ඔවුන් තොග විනාශ කිරීමට ද පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් KFC Sri Lanka කළමනාකාරීත්වය මෙම සිද්ධිය හේතුවෙන් සිදුවන යම් අපහසුතාවයක් සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කළා.
නිෂ්පාදන සහ සේවා ගුණාත්මක භාවයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට තම කැපවීම ප්‍රකාශ කළ සමාගම, උපරිම ආහාරවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බවටයි සහතික වී ඇත්තේ.
මීට අදාල සම්පූර්ණ ප්‍රකාශය පහතින්,