එකක් ගත්තොත් එකක් නොමිලේ - චිකන් වැඩ කෝටියක් අස්සේ, KFC එකෙන් කුණු වුණ මස් විකුණලා - බකට් එකකින් දුර්ගන්ධයක් හමද්දී බලලා තියෙන්නේ.. PHI නිළධාරීන් වහා ක්‍රියාත්මක වී සිදුකළ දෙය.. (PHOTOS/VIDEO)

KFC Sri Lanka Police Investigation Sri Lanka Food Crisis
By krishani Dec 19, 2023 06:41 PM GMT
krishani

krishani

in ආහාර
Report

රාජගිරිය KFC අලෙවිසැලක නරක් වූ කුකුල් මස් අලෙවි කරන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එලෙස ලැබුණු පැමිණිල්ලකට අනුව එහි තිබූ කුකුළු මස් තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් බැහැර කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තරිඳු මහතා කියා සිටියේ තමන් පරිභෝජනය කරන කුකුල් මස් බාල්දියකින් දුගඳක් හමන බවට පාරිභෝගිකයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පසුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කඩිනමින් අලෙවිසැලට ගොස් නරක් වූ බවට විශ්වාස කරන කුකුළු මස් තොගයක් බැහැර කර තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුර පරීක්ෂණ සඳහා කුකුළු මස් සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔහුට අනුව, නියැදියේ ප්‍රතිඵල නිකුත් කිරීමට අවම වශයෙන් දින 10 ක් ගත විය හැකි ය.

උපුටා ගැනීම - චාමර මදුසංක

මෙවන් තොරතුරු ජනතාවට ලබා දීම  මෙන්ම ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරිම සම්බන්ධයෙන් අපගේ ස්තූතිය.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

 

GalleryGalleryGalleryGallery