KeyLoggers බහුල හානිකර ආකාරයකි.වැඩි විස්තර මෙතනින් දැනගන්න.

Windows OS Informatics Institute of Technology Sri Lanka Sri Lanka Social Media Smart Phones
By Aruna May 22, 2023 05:31 AM GMT
Report

Keyloggers බහුල ආකාරයේ හානිකරයකි. මෙය spyware ආකාරයේ හැසිරීමක් දක්වන අතර computer, phone, tablet වැනි ඕනම උපාංගයක ස්ථාපනය වන්නට කටයුතු කරයි.

ඉන් පසුව ඔබගේ යතුරු පුවරු හැසිරීම මෙන්ම ටච්පෑඩයේ හැසිරීම පමනක් නොව සමහර සංස්කරණ විසින් mouse movements, screen images, clicked website links, user input actions ආදී තොරතුරු පවා ‍රැස්කරගන්නට කටයුතු කර පසුව ඒවා තම මෙහෙය වන්නා වෙතට යවන්නට කටයුතු කරයි.

ඒ අනූව සංක්‍රීය keylogger වක් විසින් passwords, account information, personal emails, website searches ආදී සියළු තොරතුරු තවකෙකු සතු කරන්නට කටයුතු කරයි.

හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම ආකාරයේ හානිකර විටක ඔබගේ ආදරවන්තයා විසින් මෙන්ම වෛරක්කරුවා විසින් තැන්පත් කරන්නට කටයුතු කරනු ඇති බවයි.

එසේම Keylogging හැමවිටම illegal නොවන්නේ ඔබගේ සේවාස්ථානයේ ස්වාමියා විසින් තම සේවකයන්ගේ කාර්යාල හැසිරීම හැදෑරීමට මේවා භාවිතා කරන්නටද වැනි අවස්ථාද ඇති බැවිනි.

එසේම මෙම keyloggers software / hardware යන දෙයාකාරයටම වේ. Hardware keyloggers පහසුවෙන් හඳුනා ගන්නට හැකි වන්නේ අමතරව සවිකරන ලද දෘඩාංග කොටසක් ඔස්සේ පැමිනෙන බැවිනි විටක USB ආකාරයට මේවා පැමිණ තිබෙනවා විය හැක.

software keylogger ආකාරය හඳුනා ගැනීමට Task Manager වල අමතර Processes ඇත්දැයි විපරමින්, installed software list වල අමතර Apps ඇත්දැයි සොයා බැලීමෙන් මෙන්ම අනවශ්‍ය ලෙස උපාංගයේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් අසාමාන්‍ය හැසිරීම් පෙන්වීමෙන් ආදිය පිලිබඳව සැලකිලිමත් වීමෙන් හැකි වනු ඇත.

මේවා ඉවත් කිරීමට ස්ථාපිත මෘදුකාංග වල අමතර මෘදුකාංග ඇත්නම් ඒවා ඉවත්කිරීමෙන්, full / deep scan කිරීමෙන් මෙන්ම Temporary Files folder ය කලකට සැරයක් හිස්කිරීම වැදගත් වේ.

අමතරව සුපුරුදු පරිදි මෘදුකාංග ස්ථාපනයේදී සැලකිලි මත්වීම, මෘදුකාංග නිතරම යාවත්කාලීනව තබා ගැනීම, ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපනය කොට යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වනු ඇත.

Pubudu Siriwansa


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now