කෙහෙළිය රඹුක්වැල්ල එක් පැමිණිල්ලකට ඇප මත මුදාහරී
Keheliya Rambukwella
Law and Order
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (18) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ජාතික රූපවාහිනී සංස්ථාවට අනුබද්ධ නීත්‍යානුකූල කාර්ය මණ්ඩල අනුමත සීමාව ඉක්මවා සේවකයින් හය දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙම චෝදනාව එල්ල වී තිබේ.