අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්..(LIVE)
ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තවදුරටත් නොලැබුණහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
රෝහල් දෙකක නිර්වින්දන ඖෂධයක් සම්බන්ධයෙන් මතුවූ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමිනුයි ඔහු මේ බව පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, "මම මේ වෙලාවේ ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා..
අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තිබෙනවා."
"අනෙක් හේතුව මුදල්වල ප්‍රශ්නයකුත් මතුවෙලා තිබෙනවා." "මේ සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැත්තම් ඒ ගැන මේ සභාවට මම දන්වනවා."
"මොකද මම තීන්දු කරලා තිබෙනවා..
ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩුපාඩුවක් පිරිමහගන්නට බැරි නම් තවදුරටත් තනතුරු දරන්න මම බලාපොරොත්තුවෙන්නේ නැහැ."
"මොකද ඒක සමාජයට සහ මේ සේවයට කරන විශාල අඩුපාඩුවක්.
මොන හේතු කිව්වත් ඒ අඩුපාඩුවල වගකීම භාරගන්න වෙනවා."
මේ අතර අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.