ඉවතලන පෑන් බට වලින් දරුවන්ගේ නැණස පාදන කෑගලු බාලිකාවන්..!

Kegalle Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Jun 18, 2023 02:58 PM GMT
Report

කෑගලු බාලිකා විදුහලේ සිසුවියන් විසින් භාවිතයෙන් ඉවතලන පෑන් බට යොදාගෙන නැවත ඒවා භාවිතා කරන ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලබනවා.

මේ ඒ පිළිබඳව Facebook හි පළව තිබූ සටහනක්...

"..පුංචි සිතිවිල්ලකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ, එවැනි පුංචි සිතිවිල්ලක් යථාර්ථයක් බවට පත්වුණු අවස්ථාවක්. වර්තමාන සමාජ ආර්ථීක අර්බුදය හමුවේ අධ්‍යාපනය ලබන දරුවන් වගේම ඔවුන්ගේ දෙමාපියනුත් අපහසුතාවයට ලක්වන වාර අනන්තයි.

ඇඳුම්, සපත්තු, පොත් , බෑග්, වතුර බෝතල් ප්‍රවාහන ගාස්තු පමණක් නොවෙයි, අභ්‍යාස පොත් , පෑන් පැන්සල් වගේ පාසල් උපකරණ වල මිලත් ගොඩක් ඉහළ ගිහින්. ඉතින් ඒ වගේ තත්වයක් හමුවේ අපේ දරුවන්ට, දෙමාපියන්ට පුංචි සහනයක් වෙන්න පුළුවන් නම් ඒක වටිනවා.

කෑගලු බාලිකා විද්‍යාලය දරුවන්ගේ සුබසාධනය ගැන නිරන්තරයෙන් හිතනවා. මේ වනවිට “Share with Love - බත් බැංකුව” සහ “උදව් කාමරය” ට අමතරව තවත් අපුරු වැඩක් මේ පාසල තුළ සිද්ධ ‍වෙනවා. ඒ තමයි “හරිත පන්හිද” ව්‍යාපෘතිය.

පාවිච්චි කරලා ඉවත දමන පෑන් එකතු කර, ඒවාට අලුත් කාබන් කූරු යොදා නැවත සකස් කර දරුවන් අතට පත්කිරීම තමයි මේ ව්‍යාපෘතියේ අරමුණ. මේ ව්‍යාපෘතිය පටන් අරගන දවස් 04 ක් ඇතුළත පෑන් 300 කට අධික ප්‍රමාණයක් නැවත සකසා දරුවන් අතට පත් කරන්න සුදානම්.

මේ කාර්යය සදහා මුලිකත්වය ගත්තේ කෑගලු බාලිකා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ, පරිසර අමාත්‍යාංශය හා ශිෂ්‍ය සුබසාධන අමාත්‍යාංශය. දරුවන්ගේ හිත් තුළ ඇතිවන පුංචි සිතුවිලි හරි සුන්දරයි. ඒ සිතුවිලි යථාර්ථයක් කරන්න මග පෙන්වන, කැපවන ගුරු මව්වරු, පියවරු ගොඩක් ඉන්නවා. ඒ දරුවොත් , ඒ දරුවන්ට හරි මග පෙන්වන , සවියක් වන හැමෝමත් රටට සම්පතක්..???? ඔයාලට ත් පුළුවන් අපේ දරුවන් ට ශක්තියක් වෙන්න...????"