මගේ බිරිඳ අම්ම කෙනෙක් වෙනකොට අද මගේ අම්මයි අප්පච්චි මන් ළඟ නෑ. කාවිංග පෙරේරා (PHOTOS).

srilanka Gossip entertainemnt
By Sithumi Mar 26, 2022 05:19 PM GMT
Report

කාවිංග පෙරේරා කියන්නේ අපේ රටේ සිටින ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදක ශිල්පියෙක්ද වෙනවා. ඒ වගේම ඉතාම කඩවසම් පෙනුමකට හිමිකම් කියන මොහු මේ වන විට තාරුණ්‍ය අතර බෙහෙවින්ම ජනප්‍රියත්වයට පත්ව ඇති චරිතයකි.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය ලබාගන්නා කාවිංග පෙරේරා මුලින්ම කලාවට පිවෙසෙන්නේ පෞද්ගලික නාලිකාවක නිවේදන කටයුතු හරහාය. ඉන්පසුව රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලැබුණු ඔහුට මුලින්ම රංගන දායකත්වය ලබා දී ඇත්තේ ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යටයි. එතැනින් කලා ක්ෂේත්‍රය තුළ මුල් අත්තිවාරම දමාගත් ඔහු පසුව නිර්මාණ ගනනාවකටම දායක වෙන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ අලුත්ම තොරතුරු අපිට කිවුවේ මේ විදිහටයි.

කොරෝනා නිසා රූපගතකිරීම් නම් මදක් නතර වෙලා තියෙනවා. වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කටයුතු කරගෙන කාලය ගත කරනවා ඉතින්.සුපර් ඩාන්සර්, කොපි චැට් වැඩටසටහනත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා

. ඊටත් අමතරව මම “අග්නිවාක්” වැඩටසටහන් සංවිධානය කරන ආයතනයක් පවත්වාගෙන යනවා. නොදුරේදීම “අග්නිවාක් TV” කියලා යූටියුබ් නාලිකාවක්ද ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.Copy Chat එකට පැමිනෙන රංගන ශිල්පීන් ශිල්පිනියන්ට Copy Chat රසික පිටුවට සතියකට කලින් දානවා

. ඒ වගේම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමාජ මාධ්‍ය වල ඒ පිළිබදව දැනුම් දෙනවා. ඒ නිසා ඔවුන්ගේ යහළුවන්ගෙන් Videos, Photos වගේම අපිටත් විස්තර ලැබෙනවා. මමත් කළාකරුවෙක් නිසා හැම කළාකරුවෙක්ගේම ගෞරවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට තෝරාබේරා ගැනීමකින් යුතුවයි ඒ විස්තර ඉදිරිපත් කරන්නේ. මම ක්‍රේෂ්ත්‍රයට පිවිසෙන්නේ නිවේදකයෙක් විදියට ඊටත් පස්සේ සුසිලා නිෂ්පාදන ආයතනයෙන් මට අවස්ථාවක් ලැබෙනවා “අපි අපි වගේ” නාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්න. ඉතින් මේ ආරම්භයෙන් මට රංගනය ගැන හැදෑරීමට පෙළබීමක් ඇති වෙනවා. ඒ අනුව මම විදෙස් ගත වෙලා රංගනය පිළිබඳව වැඩිදුර හැදෑරීම් කරා. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදියට වැඩකටයුතු කරන්න පටන් ගත්තේ ඊට පස්සේ2009 වර්ෂවල තමයි මම රංගනයට ආවේ ඒත් සම්මාන උළෙලක මාව නොමිනේට් වෙන්නේ අවුරුදු 5කට හෝ 6කට පසුවයි. ක්‍රේෂ්ත්‍රය තුල නමක් හදාගන්න ඒ තරම් වෙහෙසක් දරන්න අපිට සිද්ධ වුනා

. වර්ථමානයේ රංගන ක්‍රේෂ්ත්‍රයට පිවිසෙන රංගන ශිල්පීන් වගේම රංගන ශිල්පිනියන් ගොඩක් වාසනාවන්තයි. ජනතාව අතරට යන්න සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ට විශාල අවකාශයක් ලැබෙනවා. ඒ වගේම මගේ බිරිඳ ගැනත් කියන්නම ඕනි. ඇය සනායා පෙරේරා වෛද්‍යවරිය විදිහට වැඩකටයුතු කරනවා. ඒ වගේම මගේ වැඩකටයුතු වලට ඇයගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. හැම පිරිමි ළමයෙක්ම බලාපොරොත්තු වෙන්නේ අම්මා වගේ පෙම්වතියක්. මං මගේ බිරිද යෂෝධරාවක් කියලා කියන්නේ නැහැ. අම්මා මාව බලාගත්තේ කොහොමද කියලා ඇය දන්නවා. ඇයත් ඇයට හැකි උපරිමයෙන්ම ඒ හෑම කාර්යක්ම ඉටු කරනවා.

මං ගොඩක් වාසනාවන්තයි. මාව තේරුම් ගත්ත මගේ වෘත්තීයම ජීවිතයට සහයෝගී වන ආදරණීය බිරිදක් ලැබුනු එකට.මොකද මට දෙමාපියෝ දෙන්නම නෑ. මන් සම්මානයක් වත් ගනිද්දී අම්මා මගේ ළඟ නෑ. මගේ බිරිඳ අම්මා කෙනෙක් වෙනකොට ඒක බලන්න මගේ අම්මයි අප්පචි නෑ. කියලයි ඔහු පවසා තිබුනේ.

GalleryGalleryGallery