මට ප්‍රශ්නයක් වෙලා තාත්තගේ මූණ බලන්න බැරුව හිටියා, දවස් 4ක් නොකා නොබී කාමරේට වෙලා හිටියා - කාවින්ද්‍යා දුල්ශානි (PHOTOS)
කාවින්ද්‍යා දුල්ශානි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇයව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා දැක ගන්න ලැබෙනවා. ඒ වගේම කෝලම්කුට්ටමේ සුද්දිට මේ වෙනකොට ගොඩක් දෙනෙක් ආදරය කරනවා.
ඉතින් මේ ආදරයත් එක්ක මේ දවස්වල අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා ඉන්න කාවින්ද්‍යා දුල්ශානි රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් අපි දුටුවා.
මේ කොයි විදියෙන් දැක්කත් කාවින්ද්‍යා කියනේ සුරූපි රංගන ශිල්පිනියක්. ඉතින් ඇය සහෝදරියන් හතර දෙනෙකුගේ වැඩිමහල් අක්කයි. අම්මයි තාත්තයි සහෝදරියන් එක්ක සතුටින් කල් ගෙවන කාවින්ද්‍යා අම්මට ඇති ආදරය ගැන මේ විදියටයි එක්තරා වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.
” අනේමන්දා මට අම්මා එක්ක පුදුම බැදීමක් තියෙන්නේ. තාත්තා දන්නවා මම තාත්තට ආදරෙයි කියලා. ඒත් අම්ම එක්ක තියෙන බැදීම හරි අමාරු දෙයක්. මම ලොකු නංගිට කතා කලාම අහනවා අම්මා කතා කලාද කියලා. එයා ඔව් කිව්වොත් මට හරියට කේන්ති යනවා.
මම කැමති නෑ අම්මා නංගිලාට මට වඩා ආදරේ කරනවාට. එහෙම කරන එක හොද නැතිදෙයක් කියලත් මම දන්නවා. අනේ මන්දා මට ගොඩක් ඉරිසියා හිතෙනවා එහෙම කරනකොට.
මගේ ජීවිතේ මම මුහුණ දුන්න ලොකුම ප්‍රශ්නයක් තියෙයි. මම ඒක මතක් කරන්නවත් කැමති නෑ. මට තාත්තගේ මූණවත් බලන්න ලැජ්ජාවෙන් හිටියේ. ගෙදර කට්ටිය මාත් එක්කම හිටියා. මම කාමරේටම වෙලා දවස් හතරක් කන්නෙ නැතුව හිටියා. අම්මා මාව ඩොක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා
![Gallery](https://cdn.ibcstack.com/article/44870667-7d1b-4653-bb18-a3a45312b257/22-6366929c9163e.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/33dcf63b-441f-4a1f-8d0d-3701a0645713/22-6366929cf3862.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/f3382250-d062-4b47-a655-c37b67dddde1/22-6366929d31b81.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/4ee11dc1-ac69-4328-ab65-a922ded0d3f7/22-6366929d6650a.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/09cdf80c-5518-4061-a0ca-ccb6ef633ea3/22-6366929da065b.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/08d3182a-cff6-4f8d-b85a-ce2a5f6e53df/22-6366929de42a8.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e97ccfd5-4a45-46c5-9a70-92d45555747f/22-6366929e25381.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/e50fe8a6-1b00-4090-9383-037c1beb5fde/22-6366929e64dbe.webp)