බැංකු සභාපති කෝටි 7ක් සමග අතුරුදන් වෙයි..!

By Sewvandhi Jan 18, 2023 02:30 PM GMT
Report

කටුගස්තොට - කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට අද (18) ,සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් කියා සිටියේ දහසකට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි.

මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන 65ක මුදලක් රජයේ ප්‍රධාන බැංකුවකින්, වංචා කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම බැංකුවේම මුදල් අංශයේ නිළධාරියෙකු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ අදාළ බැංකුවේ සේවකයන් පිරිසක් විසින් සංවිධානාත්මකව මෙම මුදල් වංචාව සිදු කර ඇති බවයි. ඒ අනුව, තවදුරටත් විමර්ශන සිදු කරන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.