මිනිසුන් 12 දෙනෙකු ඝාතනය කර තම ගෙවත්තෙහි වළදැමූ කට්ටඩියා..!

Indonesia
By Sewvandhi Apr 07, 2023 11:22 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විවිධ බලයන් තමන්ට ඇති බව පවසමින් විවිධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කරන කට්ටඩියන් ලෙසින් කටයුතු කරන පුද්ගලයින් ගැන දකුණු ආසියානු රටවල් වලින් බොහෝ සේ අසන්නට දකින්නට ලැබෙනවා. 

මෙහිදී ඇතැම් පුද්ගලයින් ඉතාම ජනප්‍රියත්වයට පත් වන අතර එවැනි කට්ටඩියෙක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා. ඒ ඔහු ඝාතන 12ක් සම්බන්ධව අත්අඩංගුවට ගැනීමත් සමගයි.

ඉන්දුනීසියානු පොලීසිය පවසන්නේ එම සැකකරුගේ වත්තේ වළදමා තිබී මිනිස් ශරීර කොටස් හමු වූ බවය.

ස්ලේමත් තොහාරි නම් 45 හැවිරිදි වියේ පසුවන එම සැකකරු පොලීසියට පවසා ඇත්තේ මියගිය පුද්ගලයින්ව තම ඉඩමේ වළදමා ඇති බවය.

එම සැකකරු තමාගේ සේවය බලාපොරොත්තුවෙන් පැමිණි පුද්ගලයින්ට පවසා ඇත්තේ ඔවුන් සතු මුදල් කිහිප ගුණයකින් වැඩිකිරීමට හැකි බවය.

නමුත් ඔහු එවැන්නක් කිරීමට අසමත් වීම නිසා එම පුද්ගලයින් තමන්ගේ මුදල් නැවතත් ඉල්ලා තිබේ. එවිට එම පුද්ගලයින්ව වස දී ඝාතනය කර තිබුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now