බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුට අනියම් පෙමක්.? - කේට් අතුරුදන් වෙද්දී එළියට ‘ඩුප්ලි-කේට්’. - (VIDEO/PHOTOS)

Prince William Kate Middleton
By Wayomi Mar 23, 2024 11:26 AM GMT
Report

මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ හෙවත් වේල්සයේ කුමරිය කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් කටකතා රැසක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන වූ කේට් අතුරුදන් බවට රාවයක් පැතිර යෑමත් සමඟයි.

එමෙන්ම 42 හැවිරිදි කේට් යහතින් සිටිනවා යැයි පවසමින් විලියම් කුමරු මැදිහත් වී, පසුගිය දිනෙක, කේට් දරුවන් තිදෙනා සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කර තිබුනා.

නමුත් පසුව අනාවරණය වූයේ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, පරිගණකයෙන් සකස් කරන ලද්දක් බවයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුට අනියම් පෙමක්.? - කේට් අතුරුදන් වෙද්දී එළියට ‘ඩුප්ලි-කේට්’. - (VIDEO/PHOTOS) | Kate Middleton S Dupli Kate

එමෙන්ම විලියම් කුමරු කේට් කුමරියගේ මිතුරියක වන රෝස් හැන්බරි සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට ද රාවයක් පැතිර ඇති අතර රෝස් හැන්බරි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ තමන්ගේ සහ විලියම් කුමරුන්ගේ එවැනි සම්බන්ධයක් නොමැති බවයි.

මේ අතර කේට් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ හෙයිඩි ඒගන් නමැති ඉතාලි ජාතික යුවතිය ගැන ද ලොව කාගේත් අවධානය යොමු වී තිබෙනවා.

හෙයිඩි ඒගන් කේට් කුමරියගේ පෙනමට බෙහෙවින් සමාන යුවතියක් වන අතර ඇය කේට් කුමරියගේ අනුකරණය ලෙස ප්‍රසිද්ධිය පත් වී සිටිනවා.

2012 වසරේ හෙයිඩි ඒගන් ඉතාලි අවන්හලක සේවිකාවක ලෙස රැජිකාව කරමින් සිටියාය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුට අනියම් පෙමක්.? - කේට් අතුරුදන් වෙද්දී එළියට ‘ඩුප්ලි-කේට්’. - (VIDEO/PHOTOS) | Kate Middleton S Dupli Kate

අවන්හලට පැමිණෙන සියලු දෙනා ඇය කේට් මිඩ්ල්ටන් ට සමාන කරද්දී, ඇය නිරූපණ සහ රංගන ක්ෂේත්‍රයේ ඒජන්තවරුන් සමඟ සම්බන්ධ වී, අවන්හලේ රැකියාව අතහැර කේට් මිඩ්ල්ටන් අනුකරණයට යොමු වූ බව වාර්තා වෙනවා.

ඒ, වසර කීපයක් සැබෑ කේට් මිඩ්ල්ටන් සහ ඇගේ සැමියා ඔටුන්න හිමි විලියම් කුමරුන් ඡායාරූපවලින් සහ වීඩියෝ දසුන්වලින් මනා ලෙස අධ්‍යයනය කරමින්.

අද වනවිට හෙයිඩි ඒගන් වෘත්තීය මට්ටමින් කේට් මිඩ්ල්ටන්ගේ නිල අනුකරණය බවට පත් වී සිටින අතර ඇය කේට් මිඩ්ල්ටන් ලෙස සාදවලටත්, විවිධ උත්සවවලටත් සහභාගී වන බවත් සඳහන්.

කේට් මිඩ්ල්ටන්ගේ අනුකරණය කරමින් හෙයිඩි ඒගන් , ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, චීනයේ සංචාරවල ද නියැලී ඇත.

හෙයිඩි ඒගන් මෙම සංචාරවල නියැලනේනේ සයිමන් වොට්කින්සන් නමැති නිරූපණ ශිල්පියා සමඟයි.

ඔහු පෙනුමින් විලියම් කුමරුන්ට යම්තාක් දුරකට සමාන වන අතර හෙයිඩි ඒගන් දෙදරු මවක වන අතර ඇගේ සැමියා රසන් ඒගන්ය. රසල් වෘත්තීය චිත්‍ර ශිල්පියෙක්..

මෙම කයිකතන්දර කෙසේ වෙතත්, ඇය පසුගිය දිනක වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ, ඇය පිළිකා රෝගයකින් පෙළෙන බවත්, ශල්‍යකර්මයකට මුහුණ දුන් බවත්ය. 

හැමෝම ආදරය කරන බ්‍රිතාන්‍ය රජ කුමරියට ඇති වූ මාරාන්තික රෝගය. - (VIDEO/PHOTOS)

හැමෝම ආදරය කරන බ්‍රිතාන්‍ය රජ කුමරියට ඇති වූ මාරාන්තික රෝගය. - (VIDEO/PHOTOS)




GalleryGallery