කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අද රාත්‍රියේ

Kataragama Temple Sri Lanka Latest Headlines Perahera Sinhala news Puwath.lk
By R.rishma Jul 15, 2026 09:13 AM GMT
Report

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු පෙරහැර අද (15) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.

කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කළේ, දින 15ක් පුරා පැවැත්වෙන මෙවර පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර ලබන 29 වැනිදා පැවැත්වෙන බවයි.

ඒ අනුව, අවසන් මහා පෙරහැරින් අනතුරුව ලබන 30 වැනිදා මැණික් ගඟේ ජීවාමාලී තොටුපළේදී දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමට නියමිත අතර, එම චාරිත්‍රයෙන් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වනු ඇත.

මෙවර පෙරහැර මංගල්‍යය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, පෙරහැර පැවැත්වෙන කාලය තුළ ආරක්ෂාව සහ පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.