ප්‍රවේසමෙන්..විදෙස් රැකියා ඉල්ලුම් කළ අයට දැනුම්දීමක්..!

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 20, 2023 04:40 AM GMT
Report

පොලීසිය මේ වනවිට කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන ලෙස පවසා මුදල් වාංචා කළ කාන්තාවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

කටාර් රාජ්‍යයේ මුදල් දෙන බව පවසා අදාළ කාන්තාවන් රුපියල් ලක්ෂ 6ක මුදලක් වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය වෙත ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. සැකකාරියන් අවුරුදු 31ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

පැමිණිලිකරු අවස්ථා කිහිපයදකදී සැකකාරියන් ගේ ගිණුම්වලට මුදල් බැර කර ඇති අතර, විදෙස් ගමන් බලපත්‍රය ද සැකකාරියන් ට ලබාදී ඇත. සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now