20 - 20 තරගාවලියේ සිංහයෝ දෙදෙනෙක් හදිසි ආබාධ තත්ත්වයන්ට..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By krishani
සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයන් වන කසුන් රාජිත සහ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ යන දෙදෙනා පුහුණු වීම් අතරතුර ආබාධයන්ට ලක් වීම හේතුවෙන් ඉදිරි තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
කසුන් රාජිතට වම් ඉන ප්‍රදේශයේ ආබාධ තත්ත්වයක් සහ මතීෂ පතිරණට දකුණු අතේ වැලමිට ප්‍රදේශයේ ආබාධ තත්ත්වයක් මතුව ඇත.
මේ වන විට දෙදෙනාම ප්‍රතිකාර කටයුතු සඳහා යොමුව ඇති අතර ඒ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |