වසන්තය වුනත් ලස්සන පරක්කු වෙලා එනකොට, ඉතින් මට මාදවීත් ඒ වගේ, ඇය වෙනුවෙන් මම පණ වුනත් දෙනවා-කසුන් මහේන්ද් (PHOTOS)
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ගී පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම පුවත්පත්වලට තීරු ලිපි ලියන්නෙක් තමයි කසුන් මහේන්ද්‍ර හීනටිගල කියලා කියන්නේ.
ඒ වගේම ඔහු මේ දිනවල ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්නේ ඔහුගේ පෙම්වතිය වන කවුරුත් දන්න කියන ජනප්‍රිය කළා ශිල්පිනියක් වන මාදවී වත්සලා ඇන්තනී නිසයි. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ දවස්වල ඔහු කාර්යබහුලව නමුත් බොහොම සුව සේ ආදරෙන් ඉන්නවා කියලයි කසුන් නම් කියන්නේ. ඒ වගේම අලුතින් ඔහු ලියලා අධ්‍යක්ෂණය කරන ගීත නිර්මාණ කිහිපයක රූප රචනාවන් සිදුකරමින් ඉන්නවා කියලත් ඔහු කියනවා.
ඒත් එක්කම ළඟදීම නිර්මාණය වුනු ඔහුගේ ගීතයක් නුදුරේදීම මාධවී ඇන්තනීගේ හඬින් ප්‍රේක්ෂකයාට විඳගන්න පුළුවන් වෙයි කියලයි ඔහු කියන්නේ. ඊට අමතරව ඔහු ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන ටෙලි නිර්මාණයක් සහ සිනමාපටයක් වෙනුවෙන් ෆුල්ටයිම් කාලය කැපකරලා තමයිලු තියෙන්නේ.












