කැසිනෝ වලට ලැබුණු විශේෂ අවසරය..!

Parliament of Sri Lanka Dr Harsha De Silva Sri Lanka
By Sewvandhi Dec 08, 2022 05:38 AM GMT
Report

ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ  කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නියෝග සඳහා කොන්දේසි සහිතව රාජ්‍ය මුදල් කාරක සභාව අනුමැතිය ලබාදුන් බවයි.

කැසිනෝ නියාමන ආයතනයක් පිහිටුවන බවට මුදල් අමාත්‍යාංශ්‍ය ලබාදුන් පොරොන්දුව අනුව අද අදාළ අනුමැතිය ලබාදුන් බව යි ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි ඒකට දැඩිව විරුද්ධයි. ඊට පස්සේ අපි කිව්වා, අපි මේක දෙන්නනම්, නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ, කවුද ඒකට වගකියන්නේ, මොනවද ඒකට තියෙන වගකීම් කියලා අපිව දැනුවත් කරන්න කියලා.

ඔවුන් කිව්වා 24 අවසන් වෙනකල් ඕන කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023.09.30 වනදා වෙනවිට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරනවා කියලා දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය මත මේ අනුමැතිය දීලා තියෙනවා.

හැබැයි කථානායකතුමනි, මම ඒක සභාගත කරනවා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිගම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය අනුව අපි ඔවුන්ගෙන් අත්සන් සහිතව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක වියයුතුමයි."   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now