පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන් මුදාහැරේ

Sri Lanka Police Sri Lanka Prisons in Sri Lanka
By Sithumi Dec 20, 2022 01:37 PM GMT
Report

අද (20) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ,රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාහරින ලෙස නියෝග කර තිබේ.

පාතාල කල්ලි නායකයෙකු බව කියන කන්ජිපානි ඉම්රාන් නැමැත්තා පොලිස් නිලධාරීයෙකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.සැකකරු ප්‍රථමයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

එහෙත් පසුව පොලීසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට දන්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි. මේ අතර සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now