මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද
                                    
                    Kandy
                
                                                
                    Latest Headlines
                
                                                
                    Kandy Perahera
                
                                                
                    Kandy Esala Perahera
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    හෙළයේ මහා සංස්කෘතික උළෙල ලෙස හඳුන්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (04) රාත්‍රී 6:52ට යෙදෙන සුබ නැකැතින් නැගෙනහිර දිශාභිමුඛව වීදි සංචාරය ආරම්භ කරයි.
ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ වන මෙම රන්දෝලි පෙරහර, නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිවු මහා දේවාලවල පෙරහරද එක්ව, වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ ගමන් කර නැවත ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ගෙවැදීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහර සඳහා විශේෂ නර්තනාංග, සංස්කෘතික අංග රැසක් මෙන්ම බොහෝ ඇතුන් සහභාගී කරවීමට සැලසුම් කර ඇති බව පෙරහර මෙහෙයුම් කමිටුව සඳහන් කරයි.