කන්දකාඩු සිද්ධිය ගැන ජනපති ගත් ක්‍රියාමාර්ගය
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර, ඊයේ (07) ඇති වූ ගැටුමකින් පසු පලා ගිය පිරිස අතරින් රැඳවියන් 35 දෙනෙකු මේ වන විට යළි භාරවී ඇති බව කන්දකාඩු පොලිසිය පවසනවා.
එම ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් රැඳවියෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝග මත රැඳවා ඇති පොළොන්නරුව වැලිකන්ද කන්කදකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර, ඊයේ රාත්‍රියේ දහයට පමණ ගැටුමක් හටගත්තා.
ඉන් එක් කණ්ඩායමක් කඳවුර තුළ ආයුධ ගබඩාවකට ඇතුළුවීමට උත්සහ කළ අවස්ථාවේදී කඳවුරේ ආරක්‍ෂාව භාරව සිටි නවවන කාලතුවක්කු හමුදාවට අයත් භට පිරිස් විසින් එම අවි ගබඩාවේ තිබී අවි සියල්ලම සුරක්‍ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
එම ගැටුම සිදුවන අවස්ථාවේදී වට වැටට හානි සිදුකරමින් රැඳවියන් පනහකට ආසන්න ප්‍රමාණයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් තිබුණා.
ඒ අනුව මෙම සිද්ධියත් සමඟ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය සහ ඒ අවට ආරක්‍ෂාව තරකර ඇති අතර, පලාගිය රැඳවියන් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර අතර, මේ වන විට රැඳවියන් තිස්පස්දෙනෙකු යළි භාර වී ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ.
ගැටුමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් රැඳවියෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අරලගන්විල, මනම්පිටිය, වැලිකන්ද, හිඟුරක්ගොඩ, පුලස්තිගම යන පොලිස් ස්ථානවලින් සහ යුද හමුදා සාමාජිකයින්ද කැඳවා තිබුණා. කෙසේනමුත් මේ වන විට කිසිදු නිලධාරියෙකුට පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළට පැමිණීමට මෙම රැඳවියන් අවස්ථාව ලබා නොදෙන තත්ත්වයක් පවතින බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කඩිනමින් තමන්ට ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතාට දන්වා තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් මේ වන විට උපදේශන වැඩසටහන්වලට යොමු කර ඇති රැඳවියන් සංඛ්‍යාව 540 ක් වන අතර, මීට පෙරද අවස්ථා දෙකකදී මෙලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නොසන්සුන් තත්ත්වයන් වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |