ජාතික ඉන්ධන අවසර පත්‍රය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ පණිවිඩයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
සෑම වාහනයක්ම ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතියේ ලියාපදිංචි කළ යුතු බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
ඒ සඳහා ජංගම දුරකථන අංකයක්, හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රය හෝ වාහන රියදුරුගේ හෝ වාහනයේ ඕනෑ ම පරිශීලකයෙකුගේ ව්‍යාපාර ලියාපදිංචි අංකයක් භාවිත කළ හැකි බව අමාත්‍යවරයා පවසයි.
අගෝස්තු 12 වනදා සිට, වාහන කිහිපයක් ඇති රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාර හෝ ඔවුන්ට පවරා ඇති කේතයකින් සහ ඔවුන්ගේ සියලුම වාහන සඳහා එක් නිශ්චිත ජංගම දුරකථන අංකයකින් ලියාපදිංචි වීමට හැකි බව සඳහන් ය. එසේ කරන විට ලබාගත් තාවකාලික QR මකා දැමිය යුතු බව ද කංචන විජේසේකර පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |