විදුලි බිල 300% කින් ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTO)

Sri Lanka Kanchana Wijesekera
By krishani Jun 08, 2022 08:46 AM GMT
Report

විදුලි ගාස්තු 300%කින් වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පුනර්ජනනීය විදුලි උත්පාදන සැලසුම් සඳහා සහය නොදැක්වීම හේතුවෙන් විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බවයි ඒ මහතා දක්වා ඇත්තේ.

විදුලිබල මණ්ඩල පොදු එකඟතාවයකට අනුව සෑම වසර 03 කට වරක් සේවක වැටුප් සියයට 25 කින් වැඩි කෙරෙන බවත් වැටුප ගෙවීමට විදුලි ගාස්තු වැඩි කිරීම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කර උත්පාදන වියදම අඩු කළ යුතු බව මෙන්ම පුනර්ජනනීය විදුලි උත්පාදන සැළසුම් ක්‍රියාත්මක නොවීම හමුවේ විදුලි උත්පාදන අධික පිරිවැය සහ සේවක වැටුප් යන සියල්ලෙහි බර දැරීමට සිදුවී ඇත්තේ විදුලි පාරිභෝගිකයන්ට බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery