විදුලිය සම්බන්ධයෙන් අලුත් සූත්‍රයක්.!! ඇමති කාංචන කියයි..
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
By Aruna
පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
වසර 20 ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදුකිරිමේදී විදේශ විනිමය අනුපාතයන් සහ අනෙකුත් වියදම් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීය.
නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් සකස් කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමග එහි අවසන් වාර්තාව පිළිබඳව සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |