විදුලි සැපයුම ගැන ඇමති කාංචනගෙන් දැනුම්දීමක්..

Sri Lanka Ceylon Electricity Board Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Apr 20, 2023 08:35 AM GMT
Report

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ (19) දිනයේ දී වාර්තා වු බවයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවයි.

ඒ අනුව අද (20) දිනයේ දී ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

විදුලිබල උත්පාදනය සඳහා හම්බන්තොට ඩීසල් බලාගාරයේ ජනන යන්ත්‍ර ඇතුළු සියලුම තාප බලාගාර යොදා ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now