ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්..!
Sri Lanka
protest
Mirihana
Kamal Gunarathna
ministry of defence
By Sewvandhi
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් ප්‍රතික්‍ෂේප කරමින් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඔහු තවදුරත් කියා සිටියේ මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව හා එවැනි රැස්වීමක් නොපැවති බවයි. ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීම්වලදී නිලනොවන පුද්ගලයින් තනතුරු දැරූ අවස්ථා නොමැති බව හා ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ සංයුතිය සහ වැදගත්කම ගැන ආරක්‍ෂක ලේකම්වරයා විසින් මෙහිදී අවධාරණය කර තිබුණා.
එසේම ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මාධ්‍ය වෙත සහ මහජනතාවට උපදෙස් ලබා දී තිබුණේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහ බෙදා හැරීමෙන් වළකින ලෙසයි.
එම මාධ්‍ය ප්‍රකාශය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
