පොලිසිය, ව්‍යාජ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සොයයි..

Sri Lanka Police Kalutara Sri Lanka
By Sithumi Dec 17, 2022 11:07 AM GMT
Report

පොලිස් නිලධාරීන්ට ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මුදල් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වන්නේ කළුතර කටුකුරුන්ද හන්දිය ආසන්නයේදී ය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව පවසමින් මාර්ගය අසල බස් රථය එනතුරු බලාසිටි පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබූ මුදල් කොල්ලකා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

අදාළ පුද්ගලයා පා ගමනින් ගොස් කුරුඳු, ගම්මිරිස් අලෙවි කරන අයෙකු බව සඳහන්ය. ඔහු ඊයේ (16) කටුකුරුන්ද හන්දියේ බස් රථය එනතුරු රැඳී සිටියදී අදාළ කොල්ලය සිදුවී ඇති බවට පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now