වෙරළේ තනි වූ දරුවාට සිදුවු දේ - රියදුරන් අල්ලා පොලීසියට බාරදෙයි..!
වැඩිහිටියන් සමග කළුතර කැලිඩෝ වෙරළ තීරයට දියනෑමට පැමිණි වයස අවුරුදු 11ක දරුවකු වෙරළේ තනි වී සිටියදී කළුතර දකුණ පොලීසිය වෙත භාර දී ඇති පුවතක් වාර්තා වනවා.
ත්‍රිවිල් රියදුරන් විසින් ඊයේ (17) උදෑසන වැඩිමහල් පුද්ගලයින් කිහිපදෙනෙක් සමග එම දරුවා දියනෑමට පැමිණ සවස් වනතුරු වෙරළේ රැඳී සිටින අයුරු කළුතර දුම්රිය අසල සිටි දැක තිබෙනවා.
ඉන්පසු රියදුරන් විසින් දරුවාව කළුතර දකුණ පොලීසිය වෙත භාර දී තිබේ. එම ත්‍රීවිල් රියදුරන් ප්‍රකාශ කරසිටියේ, අදාළ දරුවා පිළිබඳ මුළු දවස පුරාම ඔවුන් දැඩි අවධානයෙන් ඔවුන් සිටි බවය.
පසුව අඳුර වැටී තිබිය දී දරුවා වෙරළ තීරයේ තනිව සිටිනු දැක තිබු අතර රාත්‍රී 7 පමණ වන තුරුත් දරුවා වෙරළේ එහෙ මෙහෙ තනිව ගමන්කරමින් සිට ඇත.
අදාළ අවස්ථාවේ දී බීමතින් සිටි පුද්ගලයෙකු දරුවාව රැගෙන යෑමට උත්සාහ ගැනීමත් සමග ත්‍රීවිල් රියදුරන් දෙදෙනෙක් එම පුද්ගලයාගෙන් දරුවා මුදාගෙන පොලීසියට භාරදීමට කටයුතු කර තිබේ.
ඊයේ (17) රාත්‍රියේම දකුණු කළුතර පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම දරුවාගේ අනන්‍යතාවය තහවුරු කොට කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සමඟ එම දරුවාගේ දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කර තිබුණි.
අතරමං ව සිටි දරුවා කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ බොලොස්සගම උක්වත්ත ප්‍රදේශයේ පදිංචි දරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇත.