කැළණියේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීමේ නවතම තොරතුරු රැසක් එළියට..
කැලණියේ සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ අද (25) පස්වරු 4.15ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණු අතර දිප්පිටිගොඩ ප්‍රාථමික විද්‍යාලය අසල මාර්ගයක සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වුණා ටී 56 ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර උණ්ඩ 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව පොලීසිය පවසන අතර. වෙඩි වැදුණු පුද්ගලයින් "දිප්පිටිගොඩ ළහිරු" නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ කණ්ඩායමේ පිරිසක් බවට මේ වනවිට පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.
වෙඩිතැබීම සිදුකර ඇත්තේ "කඩවත කල්ප" නමැති අපරාද කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් වන අතර, දෙපාර්ශ්වය අතර පවතින ආරවුලක් මීට හේතුවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තබෙනවා.