කැළණිතිස්ස බිදවැටීම සමග විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද?.. මහජන උපයෝගිතා කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
කැළණිතිස්ස බලාගාරය පද්ධතියෙන් ඉවත්වීම මත විදුලි කප්පාදුව දිගුවීමක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ දැනට සිදු කෙරෙන විදුලි උත්පාදනය පවතින මට්ටමෙන් පද්ධතිය පවත්වාගෙන යාමට හැකි බවය.
නැෆ්තා අවසන්වීම හේතුවෙන් කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රිය වු අතර මේ හේතුවෙන් පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් වේ.
කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රයෙන් උත්පාදනය වන මෙගාවොට් 300 ක ධාරිතාව ද කඩිනමින් පද්ධතියට එකතුවනු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |