කැලණිතිස්ස බලාගාර දැඩි අනතුරක..

Sri Lanka Minister of Energy and Power
By Sewvandhi Jan 14, 2023 03:26 PM GMT
Report

දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ.

මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලයට නැප්තා ලබා නොදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබුණ ද ඊයේ පස්වරු 6.30ට පමණ නැප්තා මෙට්‍රික් ටොන් 2,300 ක් ලබාදීමට කටයුතු කර තිබුණි.

එය ප්‍රමාණවත් වන්නේ දින තුනහමාරකට පමණක් බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඉංජිනේරුවරුන් සඳහන් කළේය. ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ නැප්තා ස්ථිරවම ලබාගැනීමේ වැඩපිළි‍වෙළක් නොමැති වුවහොත් එළැඹෙන 17 වනදායින් පසු කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය කිරීමට සිදුවන බවය.

නැප්තා ලීටරයක පිරිවැය රුපියල් 82ක් වුවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරන්නේ රුපියල් 164කට බවද වාර්තා වේ.

පිරිවැය මිලට අනුව පමණක් තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලයට නැප්තා ලබාදෙන්නේනම් විදුලි ජනන වියදමද සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකියාව පවතින බව ඉංජිනේරුවරුන්ගේ අදහසය.

කෙසේවෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති අද පෙන්වා දුන්නේ විදුලි බල මණ්ඩලය සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල් පියවීම සිදුනොකළහොත් බොරතෙල් ගෙන්වීමද අවදානමකට ලක්වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now