ගෙල කපා ඝාතනය කළ කාන්තාවගේ ඝාතනයට හේතුව හෙළිවෙයි - ඝාතකයන්ගේ පාපොච්චාරණය මෙන්න..

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 24, 2023 11:28 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වෙලම්බඩ වටප්පල 'කලා' නිවසෙහි පදිංචි වී සිටි,58 හැවිරිදි වියේ පසුවූ පොඩි නෝනා නම්,නිවසක් තුළ තනිව සිටි කාන්තාවක් පසුගිය වසරේ ජුලි 24 වනදා ඝාතනය කර තිබුණි. සිව්දරු මවක් වූ ඇයගේ ගෙල කපා ඝාතනය කර තිබුණි. 

 ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගියදා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණි. චන්ද්‍ර කුමාර් හෙවත් 'සුරේෂ්' සහ 'කිට්ටා' යන නම්වලින් ද හැඳින්වෙන එක් සැකකරුවෙක් අදාළ ඝාතනය ගැන පොලීසියට පාපෝච්චාරණය කර තිබුණි.

එහිදී ඔහු,"ළමයගේ කොටහළු මඟුලට සල්ලි ඕන නිසයි කොල්ලකන්න ගියේ. දඟලපු නිසා බෙල්ල කපන්න වුණා." යනුවෙන් පවසා ඇත.

අදාළ ඝාතනය පිළිබඳ විමර්ශන සිදුකළ පොලීසියට අනාවරණය වී තිබුණේ එදින දිවා කාලයේදී නිවසක් කුලී පදනම මත ලබාගැනීමට හැකිදැයි විමසා පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබූ බවය. ඒ, ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වූ කාන්තාවගේ අතෙහි කෙස්ගස් කිහිපයක් තිබී ඇති අතර ඒ අනුව පොලීසිය නිගමනය කර තිබුණේ ඇය ඝාතකයින් සමග පොරබදා ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අවට සිටි පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී දිවා කාලයේදී නිවසට පැමිණ තිබූ එම ප්‍රදේශයේම වේළු ක්‍රිෂ්ණන් ගැන හෙළිවී තිබුණි. දීර්ඝ වශයෙන් ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මුදල් අවශ්‍ය බැවින් මෙම ඝාතනය සිදුකළ බවට ඔහු පවසා තිබේ.

මුදල් අවශ්‍ය කුමකටදැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ, තම බිරිඳගේ පෙර කසාදයේ දියණියක් සිටිනා බවත් ඇයව තමා අතින් දූෂණය වූ බවය. ඊට අදාළ නඩුවට විදයම් කිරීමට මුදල් අවශ්‍ය බැවින් මෙම ඝාතනය සිදුකළ බව වේළු ක්‍රිෂ්ණන් පවසා තිබේ.

ඝාතනයට හවුල්වූ අනෙක් සැකකරු ගැන වේළු ක්‍රිෂ්ණන් හෙළිකර නොතිබූ අතර පොලිස් විමර්ශන දිගටම ක්‍රියාත්මක විය. ඒ අනුව වෙලම්බඩ ප්‍රදේශයේම පදිංචි චන්ද්‍ර කුමාර් නමැත්තා පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. අපරාධය සිදුකළ හේතුව ලෙස ඔහු සඳහන් කර තිබුණේ

, "මගේ දුව ලොකු ළමයෙක් වුණා. මට සල්ලි නැති නිසා මිතුරා සමග ඒ ගැන කිව්වා. පොඩි නෝනා තනියම ඉන්න නිසා අපි ගෙට පැනලා බය කරලා හොරකම් කරන්න හිතුවා. ඒත් අපිව දැකලා කෑගහන්න හදනකොටම වේළුට අල්ලගන්න කියලා බෙල්ල කපලා දැම්මා. ඊට පස්සේ මාලෙයි, ෆෝන් එකයි අරගෙන අපි ගියා. අහුවෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ" පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ එලෙස ලබාගත් මාලය ඉමිටේෂන් එකක් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now