තරුණ තරුණයින් ප්‍රචණ්ඩකාරී කළ විශේෂ දැනුම්දීම..!

United States of America
By Sewvandhi Aug 05, 2023 11:27 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

නිව්යෝර්ක් හි යූනියන් චතුරස්‍ර උද්‍යානය වෙත, සජීවීව වීඩියෝ ගේම් ක්‍රීඩාකරන අමෙරිකානුවෙකු විද්‍යුත් උපාංග කිහිපයක් නොමිලේ ලබාදෙන බවට නිවේදනය කිරීමත් සමග 2,000ක පමණ පිරිසක් රැස්වී තිබුණි.

එරට තරුණ ප්‍රජාව අතර ප්‍රසිද්ධව සිටින කයි සෙනට් නම් පුද්ගලයෙක් මෙලෙස PS 5 වීඩියෝ ගේම් උපාංගය ඇතුළු විද්‍යුත් උපාංග කිහිපයක් ලබාදෙන බව පවසා තිබුණා.

ඔහු, ඩොලර් 500 ක පමණ වටිනාකමින් යුතු PS5 වීඩියෝ ගේම් උපාංග 300ක් ලබාදෙන බවට පවසා ඇති බව සඳහන් වෙයි. එහෙත් එහි රැස්වී සිටි පිරිසගේ හැසිරීම ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණි.

එහිදී රැස්වී සිටි පිරිස අතර ගැටුමක් ද හටගත් අතර ඇතැම් පිරිස් තුවාල ලබා තිබුණි. කලහකාරී ලෙස හැසිරුණු තරුණ ප්‍රජාව පාලනයට ආරක්ෂක අංශ නිලධාරීන් දහසක් පමණ යොදවා ඇති අතර එහිදී කයි සෙනට් ඇතුළු 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව තරුණයින් කැරැල්ලකට පෙළඹවීම සම්බන්ධයෙන් කයි සෙනට් ට චෝදනා එල්ල වනු ඇතැයි සඳහන් වෙයි