රිලාවල ඇගහිරිවැටෙන බිහිසුණු අනතුර - (VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident
By Sewvandhi Feb 23, 2024 04:33 PM GMT
Report

අද (23) පස්වරුවේ කහතුඩුව - රිලාවල ප්‍රදේශයේ දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා තිබේ.

තුවාලකරු මේ වන විට වෑතර දිසාරෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි, කහතුඩුව පොලීසිය පැවසුවේ.

කහතුඩුව දෙස සිට පැමිණි යතුරු පැදියක් හොරණ - කොළඹ මාර්ගයේ මත්තෙගොඩ දෙසට හැරවීමේ දී කොළඹ සිට පැමිණි මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදු ව තිබේ.

පොලීසිය සිදු කළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, යතුරුපැදිකරුගේ සහ මෝටර් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවයි.