විදුලිසැර වැදී කර්මාන්ත ශාලාවෙන් එළියට විසිවූ එක් දරු පියා ඇද වැටී මිය යයි - එම අවස්ථාවේ දර්ශන..(CCTV VIDEO)

accident Kahathuduva iron factory elecricity shock
By Sewvandhi Mar 10, 2022 07:57 AM GMT
Report

කර්මාන්ත ශාලාවක වැඩකරමින් සිටි පුද්ගලයෙකු ට විදුලිසැර වැදී උඩක සිට බිමට වැටෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

කහතුඩුව ප්‍රදේශයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඉනිමඟක ආධාරයෙන් අනාරක්ෂිත ලෙස විදුලි සැපයුමක් ලබාදීමට ගිය පුද්ගලයෙකුට මෙලෙස විදුලි සැර වැදී තිබේ.

එම කර්මාන්ත ශාලාවේ බිම යකඩ කොටස් භාවිත කරමින් සකස් කර ඇති අතර, උඩ සිට ඒ මතට ඇද වැටෙන පුද්ගලයාගේ හිස බිම යකඩ කොටසේ වැදෙන අයුරු ද කැමරාවේ සටහන්ව තිබුණි.

පසුව ඔහුව වෑතර දිසා රෝහලට රැගෙන යෑමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 28 හැවිරිදි එක්දරු පියෙකි.

(වීඩියෝ දර්ශන - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now