කැබිතිගොල්ලෑව සැරයන්වරයාගේ මරණයට හේතුව මෙන්න - මරණ පරීක්ශන වාර්ථාව එළියට..
පසුගියදා කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී ඝාතනයට ලක්වූ පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේ සිදුකර තිබේ. අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
එහි සඳහන්ව ඇත්තේ හිසට වැදුණු පහරකින් මොළයට සහ හිස් කබලට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුව ඇති බවය. සැරයන්වරයාගේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනාගෙන් 13 දෙනෙකු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පොලීසිය පවසන්නේ ඉන් එක් සැකකරුවෙකු මෙම අපරාධයට සෘජුවම සම්බන්ධවී නොමැති බවට අනාවරණය වීමත් සමඟ ඔහුව පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති බවය.
එසේම තවත් සැකකරුවෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පැය 48කට රැදවුම් නියෝග ලබාගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. මේ අතර අත්අඩංගුවට ගෙන ඇති තවත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |