කුවේට් හිදී මියගිය කාන්තාව විශේෂ නිවේදනයක්..!තොරතුරු දන්න අයෙක් වේ නම් වහාම අමතන්න..!

Sri Lanka Department of Immigration & Emigration Foreign Employment Bureau
By Sewvandhi Jun 22, 2023 09:41 AM GMT
Report

කුවේට් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්ශ්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හි දී මියගොස් ඇතැයි එරට විදේශ අමාත්‍යාංශයේ කොන්සිය කටයුතු අංශය වෙත දැනුම් දී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි කුලසිංහ ආරච්චිගේ අනුලා ප්‍රීතිමාලි පෙරේරා නැමති කාන්තාවකි. ඇයගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා ළඟම ඥාතියෙකු හෝ ඇයව දන්නා අයෙකු සිටී නම් හැකි ඉක්මනින් දැනුම්දෙන ලෙසයි, නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

 ආගමන විගමන දෙපාර්තමේන්තු තොරතුරු මඟින් අනාවරණය කරගෙන ඇති පරිදි, ඇය නො 438/1, නුගවත්ත පාර, කිරිවත්තුඩුව යන ලිපිනයේ පදිංචිව සිට තිබෙනවා.

ඒ අනුව ඉහත ඡායාරූපයේ සිටින කාන්තාව හඳුනන අයෙක් සිටී නම් දුරකථන අංක: 011238836/ 0117711163/ 0112323015, විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk හෝ


කොන්සියුලර් අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, 2 වැනි මහල සෙලින්කෝ මන්දිරය, කොළඹ 01. යන ලිපිනය ඔස්සේ අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.