හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Latest Headlines Doctors Sinhala news
By Shehan Mar 06, 2026 04:49 PM GMT
Report

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොලබා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ආයුර්වේද වෛද්‍ය සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විවිධ පුද්ගලයන් විසින් “ආයුර්වේද වෛද්‍ය සභාව” ලෙස අර්ථ ගැන්වෙන ආකාරයෙන් තම ආයතන නාමයන් භාවිතා කර, එමගින් ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, සායන හා අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම මගින් කූඨ ව්‍යාපාර සිදු කරමින් මුදල් ඉපැයීමේ ක්‍රියාකාරකම් සිදු කරන බව සමාජ මාධ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැනට ප්‍රචාරය වන තොරතුරු මගින් නිරීක්ෂණය වන බව සභාව අවධාරණය කර තිබේ. 

මෙම අනධිකෘත ක්‍රියාකාරකම් හරහා රෝගීන්ගේ ජීවිතයට සහ ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වයට බරපතල තර්ජනයක් එල්ල වන බැවින්, එවැනි පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම් බව ආයුර්වේද වෛද්‍ය සභාව පැහැදිලි කර තිබේ.

ආයුර්වේද වෛද්‍ය සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටීමට පෙර සභාවෙන් නිසි ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය බවත්, එමගින් පමණක් නීත්‍යානුකූලව වෛද්‍ය ක්‍රියාකාරකම් සිදු කළ හැකි බවත්ය.


Gallery