"ධුරයෙන් අයින් වෙන්නේ නෑ.. අපිට 159ක් ඉන්නවා" - අධිකරණ ඇමති කියයි

Motion of no confidence Latest Headlines Harshana Nanayakkara Sinhala news Puwath.lk
By R.rishma Jul 24, 2026 11:09 AM GMT
Report

තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් හෝ ගැටලුවක් නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු අදහසක් නොමැති බවද අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ සහාය හිමිව ඇති බැවින් විශ්වාසභංග යෝජනාවක් සම්බන්ධයෙන් බියවීමට හේතුවක් නොමැති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.